October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යෝෂිතගේ නඩුවක් කල් යයි

1 min read

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මෙම නඩුකරය අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී ඇප මත මුදා හැර සිටින විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටියේය.

එම අවස්ථාවේදී විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරයා අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් මෙම නඩුව කල් තැබීමට අධිකරණය නියම කළේය.

රුපියල් ලක්ෂ 730 කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් දෙහිවල හා රත්මලාන ප්‍රදේශ වලින් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x