October 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මම කොටියා කාලේ සපෝර්ට් කාලේ ජවිපෙට… නාමල් මරනවා කියලත් කීවා… මාව සම්පූර්ණයෙන් වෙනස් කළේ නාමල්..! – අර්චුනා රාමනාදන්….

1 min read

පාර්ලිමේන්තුවට පැමිණ දෙමළ ජනතාව වෙනුවෙන් හඬ නැඟූ තමන් නාමල් රාජපක්ෂ නිසා වෙනස් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් පවසයි.

“මම පාර්ලිමේන්තු ඇවිත් මගේ පළමු දෙවෙනි තුන්වෙනි කතාවල දෙමළ ජනතාව කියන එක පාර්ලිමේන්තුවේ කතා කළා. මම මගේ එක කතාවක කියනවා මූව (නාමල්) මරලා දානවා කියලා. ඊට පස්සේ මා එක්ක නාමල් රාජපක්ෂ කතා කළා. ඔහු අරක්කු බොන්නෙත් නෑ. මස් මාලු කන්නෙත් නෑ. එයා කතා කරන විදිහ.

ඔහු මගෙන් ඇහුවා ‘අපේ තාත්තා ඔයාට වරදක් කළ නිසා මාව මරන්න ඕන නම්, ඔයාගේ තාත්තා කොටියෙක් නිසා ඔයා මරන්න ඕන කියලා මම කියන එක හරිද? මේ විදිහට අපි හැමදාම මරා ගන්න ඕනද මචං’ කියලා. ඒක මට වැදුණා. මට තේරුණා අපේ රටට මේක හරියන්නේ නෑ කියලා. ඊට පස්සේ මම වෙනස් වුණා. මම කොටින්ට සපෝර්ට් කරන කාලේ දිගටම ජෙප්පන්ට සපෝර්ට්.”

නෙත් නාලිකාවේ සචිනි සීලවර්ධන සමග සාකච්ඡාවකට එකතු වෙමින් අර්චුනා රාමනාදන් මේ බව කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x