වාහන ආනයන වියදම 24.2% කින් පහතට
1 min read
ඉකුත් වසරේ (2025) අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේදී වාහන ආනයන වියදම සියයට 24.2 කින් (24.2%) අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඉකුත් අගෝස්තු මාසයේදී පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදාගන්නා වාහන යන දෙවර්ගයම ඇතුළුව මෝටර් රථ ආනයනය සඳහා වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 189 කි.
මේ වසරේ ජනවාරි-අගෝස්තු මාස අටක කාලය තුළදී මෝටර් රථ ආනයනය සඳහා වැයවී ඇති සමස්ත වියදම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,684 කි
