June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යුද්ධය ලඟටම එයි! ගාලු වෙරළට නොදුරුව සබ්මැරීන් ප්‍රහාරයකින් ඉරාන යුධ නැවක් ගිලී යයි!

1 min read

ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට ඔබ්බෙන් අද අළුයම අනතුරට පත් ඉරාන යුධ නෞකාවට සබ්මැරීන් ප්‍රහාරයක් එල්ල වි ඇතිබව රොයිටර් පුවත්සේවය වාර්තා කරයි .

එම ප්‍රහාරයෙන් අවම වශයෙන් පුද්ගලයින් 101 දෙනෙකු අතුරුදහන් වී ඇති බවත්, තවත් 78 දෙනෙකු තුවාල ලබා ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත් සේවය පවසයි .

ඉරාන නාවික හමුදාවට අයත් ‘IRIS Dena’ නෞකාවෙන් ශ්‍රී ලංකාවේ ගාල්ල වෙරළට නාවික සැතපුම් 40 ක් පමණ දුරකින් යාත්‍රා කරමින් තිබියදී අනතුරට පත්ව ඇත . එම අවස්ථාවේ එම නෞකාවෙන් නිකුත්වූ ආපදා ඇමතුමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නාවික හමුදාව එම ස්ථානයට ලඟාවී ඇත .

නෞකාවේ කොටුවී සිටියදූ බේරාගත් ඉරාන නාවික සෙබළුන් 32 ක් ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්වය බරපතල බව රෝහල් ආරංචිමර්ග පවසයි .

අනතුර සිදුවු අවස්ථාවේ මුහුදට වැටුන පිරිස් සොයා ශ්‍රි ලංකා නාවික හමුදාව තව දුරටත් මෙහෙයුම් දියත් කරමින් සිටී . ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානයක්ද ඊට සහය දෙමින් සිටී .

ජනප්‍රිය පුවත්  ‘පිස්සොත් එක්ක බෑ“ ඇමෙරිකානු මාණ්ඩලික නිලධාරියෙක් ඉල්ලා අස්වෙයි!

කෙසේ වෙතත්, සබ්මැරීන ප්‍රහාරයක් පිළිබඳ වාර්තා හෝ අතුරුදහන් වූ සංඛ්‍යාව තහවුරු කරන නිල ප්‍රකාශයක් ශ්‍රී ලංකා බලධාරීන් තවමත් නිකුත් කර නොමැත. අනතුර සිදුව ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේදී නොවනා මුත් ජිවිත ගලවාගැනිමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාව දායක වන බව විදේශ අමාත්‍ය විජිත හේරත් පාර්ලිමේන්තුවේදී අද පැවසීය .

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x