June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යාපනය තිස්ස විහාරයට අනවසරයෙන් ඇතුළු වූ දෙදෙනෙකු රිමාන්ඩ්; අන්තවාදී බාධා මැද දකුණේ වන්දනාකරුවෝ විශාල ලෙස විහාරයට පැමිණෙති

1 min read

යාපනය ඓතිහාසික තිස්ස රාජ මහා විහාරස්ථාන භූමියට අනවසරයෙන් ඇතුළුවී පොලිස් රාජකාරියට බාධා කරමින්, විහාරස්ථානය ඇතුළත ප්‍රදේශය අනවසරයෙන් ඡායාරූප ගැනීමට උත්සාහ කළ අන්තවාදී බෙදුම්වාදීන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විනිසුරුවරයා නියෝග කර ඇත.
මේ අතර, උතුරේ ක්‍රියාත්මක වන දෙමළ අන්තවාදී කණ්ඩායම් විසින්, වසර දෙදහස් පමණ පැරණි විහාරස්ථානය ඉවත් කරන ලෙස ඉල්ලමින්, විහාරස්ථානය ඉදිරිපිට විවිධ උද්ඝෝෂණ සහ බලපෑම් අද වෙසක් දිනයේද, එල්ල කරමින් සිටියද, ඒවා කිසිවක් නොතකමින් දකුණේ සිට පැමිණි විශාල වන්දනාකරුවන් පිරිසක් අද දිනයේත් තිස්ස රාජ මහා විහාරය වැඳ පුදා ගැනීමට කටයුතු කර තිබේ.
ප්‍රදේශයේ පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ වුවද, සැදැහැවතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය සහ ආරක්ෂක අංශ විසින් විහාරස්ථාන භූමිය අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇත.
දුලාර ගුණතිලක
සිංහල සංවිධාන එකමුතුව

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x