June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය නීතිවිරෝධී හා පරිසරයට අනතුරුදායකයි – WNPS අනතුරු අඟවයි

1 min read

ශ්‍රී ලංකා වනජීවි හා ස්වභාව ධර්ම සංරක්ෂණ සංගමය (WNPS), මන්ඩතිව් දූපතේ ඉදිකිරීමට යෝජිත යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ ක්‍රීඩා සංකීර්ණය නීතිවිරෝධී බවත්, එය සංවේදී පරිසර පද්ධතිවලට දැඩි හානියක් සිදු කරන බවත් අනතුරු අඟවනවා.


ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත යොමු කළ ලිපියකදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනත යටතේ අවශ්‍ය අනුමැති ලබා නොගෙන ඉදිකිරීම් ආරම්භ කර ඇති බව WNPS සඳහන් කරනවා.


මන්ඩතිව් දූපත මැංග්‍රෝ වනාන්තර, මුහුදු තෘණ, ලුණු කාදම් සහ වනාන්තර රක්ෂිතයන්ගෙන් සමන්විත වන අතර, එය ස්වභාවික ගංවතුර පාලන ප්‍රදේශයක් ලෙසද වැදගත් බවද සංගමය අවධාරණය කරනවා.


එවැනි ස්ථානයක විශාල පරිමාණ ව්‍යාපෘතියක් ඉදිකිරීම අනාගතයේදී ගංවතුර, ප්‍රවේශ ගැටලු සහ අධික නඩත්තු වියදම් ඇති කරනු ඇති බවද කියා සිටින අතර මෙම ව්‍යාපෘතිය වහාම නවතා, එයට අදාළ උපදෙස් සහ තීරණ පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස WNPS ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව lankasportsnews වෙත වාර්තා වෙනවා.


ක්‍රිකට් ආයතනය විසින් කර ඇති සැළසුම් වල මෙම ප්‍රදේශයේ ක්‍රිකට් ක්‍රීඩාංගණයට අමතරව සුපිරි තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිකිරීමක්ද ඇතුළත් වෙනවා.

ජනප්‍රිය පුවත්  විමල්ගේ කටඋත්තරය මාධ්‍යයට දුන්නට පොලීසියත් අවුල්!


මෙම ක්‍රීඩාංගණයට මුල් ගල තැබූ අවස්ථාවේ ජනාධිපතිවරයා තම කතාව අතරතුර මෙය නිම කරන්නේ කවදාදැයි ක්‍රිකට් සභාපති ෂම්මිගෙන් විමසූ විට මේ දෙසැම්බරයේ තරගයක් පැවැත්විය හැකි ආකාරයට වැඩ අවසන් කළ හැකි බවත් වසර තුනකදී ජාත්‍යන්තර තරගයක් පැවැත්විය හැකි බවත් ඔහු පැවසුවා.


පසුගිය සති කිහිපයේ යාපනය ප්‍රදේශයට ඇද හැළුණු ධාරානිපාත වර්ෂාවට මන්ඩතිව් දූපතේ මෙම ප්‍රදේශය ජලයෙන් යට වී තිබුණා.


යාපනය වැසියන් පවා පවසන්නේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට මෙම ස්ථානය නුසුදුසු බවයි.


මේ අනුව ක්‍රිකට් පරිපාලකයන් විසින් ජනාධිපතිවරයා අන්දවා ඇති අතර ජනාධිපතිවරයා විසින් උතුරේ වැසියන් අන්දවා ඇති බවත් ඔවුන් පවසනවා.


මෙහි දැක්වෙන්නේ ජලයෙන් යටවී ඇති ක්‍රීඩාංගණය ඉදිකරන්න යන ඉඩමේ යාපනයේ තරුණයන් කිංඩි දමන අයුරුයි.


මුල්ගල තැබූ දින සිට මේ දක්වා මෙහි කිසිදු ඉදිකිරීම් කටයුත්තක් සිදු කර නැති බව මණ්ඩතිව් දූපත් වැසියන් පවසනවා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x