July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකය ගැන ජාතික නිදහස් පෙරමුණෙන් විශේෂ නිවේදනයක්..

1 min read

මීගමුව බන්ධනාගාරයේ මෑතකදී සිදු වූ ඛේදනීය සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වූ බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණ සිය බලවත් ශෝකය ප්‍රකාශ කර සිටියි.

එම පක්ෂයේ නායක විමල් වීරවංශ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මඟින් පෙන්වා දෙන්නේ, මෙම සිදුවීම වසර ගණනාවක් තිස්සේ නොසලකා හරින ලද ව්‍යුහාත්මක අර්බුදයක ප්‍රතිඵලයක් බවයි. බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදය, ප්‍රමාණවත් නොවන කාර්ය මණ්ඩලය සහ ස්ථාවර පරිපාලන නායකත්වයක් නොමැති වීම මෙම තත්ත්වයට ප්‍රබල හේතු වී ඇති බව එහි සඳහන් වේ.

විෂයභාර ඇමතිවරයාගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය දැඩි දෝෂදර්ශනයට ලක් කරන ජාතික නිදහස් පෙරමුණ, මේ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රජයෙන් ඉල්ලීම් කිහිපයක් ද සිදු කර ඇත.

සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්…

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x