June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මාලිමාවට දුන් ඡන්දෙ ගොංකමක් බව දැන් පේනවා..!

1 min read

අපට මොකක් වුණත් කමක් නෑ දරුවන්ට රටක් තිබිය යුතු යැයි සිතා පසුගියදා දුන් ඡන්දය ගොංකමක් යැයි දැන් අවබෝධ වෙමින් ඇතැයි මහාචාර්ය පාතේගම ඥානීස්සර හිමි පවසයි.

ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනුවෙන් ගෙනැවිත් ඇත්තේ පුංචි එවුන්ට ලිංගික ජීවිතය පුරුදු කළ යුතුය පුංචි එවුන් කසාද බැඳිය යුතුය වැනි අදහස් මාලාවක් බවට ද එහිමියන් චෝදනා කරයි.

මෙම ආණ්ඩුවට ආගමක් නොමැති බවත් ආගමක් නොමැති පිරිසකට මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැරදි බව නොපෙන බවත් පෙන්වා දෙන ඥානීස්සර හිමි, ආණ්ඩුව නිරාගමික වුවත් මේ රට නිරාගමික නොවන බව ද අවධාරණය කරයි.

කොළඹ පැවති උත්සව අවස්ථාවක් අමතමින් මහාචාර්ය පාතේගම ඥානීස්සර හිමි මේ බව පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x