April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මහජන ආරක්ෂක අමාත්‍යය ආනන්ද විජයපාලගේ සොහොයුරා රිය අනතුරකින් මරුට!.

1 min read

පාදෙණිය අනුරාධපුර මාර්ගයේ මහගල්කඩවලදී අද දින සිදුවූ රිය අනතුරකින් යතුරුපැදී කරුවෙක් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මහජන ආරක්ෂක අමාත්‍ය ආන්නද විජේපාලගේ සොහොයුරායි. අද පෙරවරු 6.30 පමණ මෙම අනතුර සිදුව තිබේ.

මහ ඉලුප්පල්ලම පදිංචි ආනන්ද විජේපාල මහතාගේ සොහොයුරාණන් වන කේ.එස් එම්. පියසේන දිසානායක (63) යන අය මෙම රිය අනතුරින් මරණයට පත්ව ඇත. ඔහු මහ ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි තම බාල සොහොයුරාගේ නිවසේ උත්සව අවස්ථාවකට සහභාගී වී යතුරු පැදියෙන් ආපසු තම නිවස බලා යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ .මහගල්කඩවල වංගුව ප්‍රදේශයේ නවතා තිබූ ලොරියක ගැටී ඔහු මරණයට පත්ව ඇත.

ගල්ගමුව පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x