බෙදුම්වාදීන්ට උවමනා ආකරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. – ජාතික සංවිධානවලින් චෝදනා
1 min read
පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.
ඒ අනුව වසර 20 කට අධික කාලයක් පුරප්පාඩුව පැවති සහ වැඩ බලන පදනමින් ආවරණය කළ සහකාර අධ්‍යක්ෂක තනතුරු පිරවීම සඳහා බාහිර පිරිස්වලට අයඳුම් කිරීමට හැකිවන ලෙස විවෘත තරග විභාගයක් පැවැත්වීම සඳහා 2026-07-10 දින දැන්වීමක් ප්‍රකාශයට පත්කර ඇත.
ඒ මගින් සහකාර අධ්‍යක්ෂක (ප්‍රාදේශීය) තනතුරු සඳහා බාහිරින් බඳවා ගැනීමට අවස්ථාව නිර්මාණය වේ. ඒ අනුව සුමන්තිරන්ලාට තමාට උවමනා තනතුරු 4 සඳහා බාහිරින් පිරිස් ඇතුළු කිරීමට අවස්ථාව ලැබේ.
එම දැන්වීමට අනුව එම තනතුරු සඳහා වෘතීය සුදුසුකම්, පලපුරුද්ද හෝ පුරාවිද්‍යාවට අදාළ උපාධියක් අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව ඕනෑම උපාධියක් සහිත අයකුට අදාළ තනතුර ලබාගැනීමේ හැකියාව ලැබේ. මෙම අවශ්‍යතාවය උතුර සහ නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමේ පූර්ව කොන්දේසියක් ලෙස සැලකෙන බවද ඔහු සඳහන් කරයි.
