බැංකු ණය ට්‍රිලියන 2 පනියි | රන් භාණ්ඩ උකස් තැබීමත් ඉහළට
1 min read
බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ලබා දුන් පෞද්ගලික ණය සහ අත්තිකාරම් ඉකුත් වර්ෂයේ (2025) රුපියල් බිලියන 406කින් ඉහළ ගොස් ඇති බැව් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ සඳහන් වෙයි.
මෙය වාණිජ්‍ය බැංකු විසින් පෞද්ගලික අංශය සඳහා නිකුත් කරනු ලැබූ සමස්ත ණය ප්‍රමාණයෙන් සියයට 22කි.
පාරිභෝගික වියදම ඉහළයෑමත් සමග රන් භාණ්ඩ ඇපයට තබා ලබා ගන්නා ණය, කල් පවත්නා පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා වූ ණය සහ ණය කාඩ්පත් ආශ්‍රිත ණය ඉහළයෑම පුද්ගලික ණය වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවී ඇති බව ද මහ බැංකු වාර්තාවේ සඳහන් වෙයි.
බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් ඉකුත් වර්ෂයේ දී පෞද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය ට්‍රිලියන 2.1 කින් පමණ ඉහළගොස් තිබුණි.
