May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බැංකුවෙන් වැරදිලා සමහර වෙලාවට වැඩියෙන් සල්ලි දෙනවා.. මහා භාණ්ඩාගාරයෙත් වුණේ ඒ වගේ දෙයක්.. – ටිල්වින්

1 min read

ඇතැම් අවස්ථාවල බැංකුවට මුදල් ගැනීමට ගිය අවස්ථාවල අත්වැරදීම් නිසා වැඩිපුර මුදල් ලැබෙන බවත් ඩොලර් මිලියන දෙකහමාරට සිදුව ඇත්තේ එවැන්නක් බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

“බැංකුවෙන් සමහර විට සල්ලි දෙන කොට වැරදිලා වැඩියෙන් සල්ලි දෙනවා. රුපියල් පහළොස්දාහක් ගන්න ගියාම විසිපන්දාහක් ඇවිල්ලා. එතකොට ඒගොල්ලෝ ආයෙම කතා කරලා ඉල්ල ගන්නවා.

අපට අඩුවෙන් දීපු අවස්ථාත් තියෙනවා. ඒ වගේ මිනිස්සු අතින් වැරදි වෙන්න පුළුවන්. දැන් ඕක අරන් ලොකුවට කෑ ගහනවා. ඕක තව සතියෙන් ඉවරයි. මොකද පරීක්ෂණයක් යනවා.”

ජාතික ජන බලවේග කළුතර මැයි දින රැලිය අමතමින් ටිල්වින් සිල්වා මේ බව පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x