July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුරන් කුඹුරු අස්වැද්දීම යල් පැනගිය අදහසක්.. කුඹුරුවල බඩ ඉරිඟු වගාකරනවා..- ලාල් කාන්ත

1 min read

එළඹෙන මාස් කන්නයේ සිට වී වගා කරන කුඹුරු ඉඩම්වල බඩඉරිඟු වගා කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වී වගා කළ හැකි භූමි ප්‍රදේශ අතරින් බඩඉරිඟු වගාව සඳහා වඩාත් උචිත ඉඩම් හඳුනාගෙන, වාරි කළමනාකරණ පද්ධතිය යටතේ මෙම වගා කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, වී වගා කරන භූමි ප්‍රමාණය තවදුරටත් ව්‍යාප්ත කිරීමේ බලාපොරොත්තුවක් රජයට නොමැති බව අවධාරණය කළේය.

පුරන් කුඹුරු අස්වැද්දීම යනු වර්තමානයට නොගැලපෙන, යල් පැනගිය අදහසක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ වෙනුවට පවතින කුඹුරු ඉඩම් වඩාත් ඵලදායී ලෙස බඩඉරිඟු වැනි අතිරේක බෝග වගාවන් සඳහා යොදා ගැනීම රජයේ අරමුණ බව වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x