June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පුද්ගලයකුට පහරදුන් මාලිමාවේ සභාපතිට ඇප!

1 min read

පහරදීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික උපුල් ගුණසේකරව ඇප මුදාහැර තිබේ.

සැකකරු අද (30) ගම්පොල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ලක්ෂ 3ක ශරීර ඇප මත මුදාහැර ඇති අතර එළැඹෙන පෙබරවාරි මස 05 වනදාට එම ණඩුව යළි කැඳවීමටද නියම කර ඇත.

ජාතික ජන බලවේගයට බලය හිමි ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර ගම්පොල පොලිසිය මගින් අද (30) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණි.

පොලීසිය පැවසුවේ දෙපාර්ශ්වයක් අතර ඇතිවූ බහින්බස්වීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.

තමන්ට පහරදීමක් කළ බව පවසමින් කුරුඳුවත්ත අම්බලපිටිය ප්‍රදේශයේ තරුණයෙක් ගම්පොළ මූලික රෝහලට ඇතුළත් වී තිබුණි.

ඔහු පැවසුවේ පසුගිය 28 වනදා රාත්‍රියේ සිය ව්‍යාපාරික ස්ථානයේ සිට නිවස බලා යමින් සිටියදී තමන් මෙලෙස පහරකෑමට ලක්වූ බවයි.

කෙසේවෙතත් චෝදනාවට ලක්වූ ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික උපුල් ගුණසේකර ඊයේ (29) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x