June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පැරදුණු සමූපකාරවලට මාලිමාවේ හිතවතුන්! මාතර නොසන්සුන්!

1 min read

දකුණු පළාත් සමුපකාර කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට මේ වන විට නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

මාතර දිස්ත්‍රික්කයේ සමුපකාර සමිති කිහිපයක පාලන අධිකාරිය පත් කිරීමේදී සිදුව ඇතැයි පවසන අසාධාරණයකට එරෙහිව මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත.

මැතිවරණයෙන් පොදු විපක්ෂය ජයග්‍රහණය කළද, එම බලය ලබා නොදී ජාතික ජන බලවේගයට (මාලිමාවට) පක්ෂපාතී පිරිසක් මගින් පාලනය ගෙනයාමට උත්සාහ කිරීමට ඒරෙහිව මෙම විරෝධය පැවැත්වෙයි.

දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්වරිය සහ රෙජිස්ට්‍රාර්වරිය ගන්නා තීරණ පක්ෂග්‍රාහී සහ අත්තනෝමතික බවට විරෝධතාකරැවන් චෝදනා කරයි.

මෙම විරෝධතාවය සඳහා කොටපොල, හක්මන සහ බෙරලපනාතර යන ප්‍රදේශවල සමුපකාර සමිතිවල සාමාජිකයින් එක්ව සිටින අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා එම පරිශ්‍රයට මේ වන විට විශේෂ පොලිස් රැකවල් යොදවා තිබේ.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x