April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නිර්-ප්‍රභූ විජිත සහ නිර්-ප්‍රභූ ප්‍රේමදාස

1 min read

ආර්. ප්‍රේමදාස අගමැතිවරයා බිහි වුණේ කොළඹ මුඩුක්කු භූමියකින්.


ඔහුට හරි අධ්‍යාපනයක් තිබුණේ නැහැ. පවුල් පසුබිමක් නැහැ.


ඔහු ඊනියා ප්‍රභු පැලැන්තියේ නෙවෙයි. සාමාන්‍ය මිනිස්සුන්ටත් වඩා සෑහෙන යටින් ආපු මිනිහෙක්.
හැබැයි ඔහු රටේ අගමැති වුණාම ඉතාම පැහැදිලිව ඉංග්‍රීසි භාෂාවෙන් කතා කළා.


ඔහු රටේ ජනාධිපති වුනාම, ශ්‍රී ලංකාවේ සිදු වෙච්ච මානව හිමිකම් කඩවීම් එක්ක ඔහුට ජාත්‍යන්තර මාධ්‍ය එක්ක අභියෝගාත්මකව ගණුදෙනු කරන්න වුණා.


හැබැයි ඔහු ඉතාම දක්ෂ විදියට භාෂාව හැසිරෙව්වා. පැහැදිලිව කතා කළා.


සභාවක් ඉස්සරහා නෝන්ඩි වෙලා, රටම නෝන්ඩි කළේ නැහැ.


ඔහු විශාල ව්‍යාපෘති කළා. ලොකු වැඩ කළා. ඔහුට ලොකු හීන තිබුණා. අදටත් රට දුවන ඇඟලුම් ව්‍යාපෘතිය සහ සංවර්ධන ව්‍යාපෘති රැසක් ඔහුගේ.


ඒ කොළඹ මුඩුක්කුවකින් ආපු මිනිහෙක්.


හැබැයි ඔහු කෑවේ බිව්වේ, කල්පනා කළේ, හීන දැක්කේ මුඩුක්කු සංස්කෘතියකින් නෙවෙයි.


ඒ මනුස්සයා එහෙම වෙද්දි විජිත හේරත්ට අපි සහ රට අර විදියට නෝන්ඩි කරලා දාන්න තියෙන නිදහසට කරුණ මොකක්ද ?


විජිත ඊනියා උගතෙක් (පක්ෂයේ ඩයල් දීපු හොර උපාධි, ඒවා වෙනම කතා). විජිත තමන් මාකට් කළේ උපාධිධාරියෙක්, උගතෙක් විදියට.


දැන් කොහොමද ඩෝබියො රෙද්දක් ඇදන් කියන්නේ විජිතට ඉංග්‍රීසි බැරි සාමාන්‍ය පවුලක නිසා කියලා ?


මේ රට විජිතට නොමිලයේ උගන්නලා , උපාධියකුත් දීලා තියෙනවා.


ආර් ප්‍රේමදාස විධිමත්ව ඉස්කෝලේ නොගිය, විශ්ව විද්‍යාලේ නොගිය මිනිහෙක්.


ප්‍රේමදාසට පුලුවන්නම් විජිතට බැරි ඇයි ?


මන් කියන්නම්!


ප්‍රේමදාස හැදුනේ එජාපයේ.


ප්‍රේමදාස එජාපයට එද්දි එජාපය පාලනය කළේ අර ප්‍රභු පන්තිය.


ප්‍රේමදාසට ඇසුරු කරන්න වුණේ ජේ.ආර් ලා, ඩඩ්ලි සේනානායක ලා, ගාමිණි ලා, ඇතුලත්මුදලි ලා.


ඒ සමාජයේ ඉන්න නම් ප්‍රේමදාසට ඉබේම ඒ මිනිස්සු වගේ වෙන්න වුණා.

ජනප්‍රිය පුවත්  ‍ශ්‍රී ලාංකික සමනලයෝ කියලා අලුත් විශේෂයක් නෑ


ඉතින් මුඩුක්කුවකින් ආපු ප්‍රේමදාස ඉංග්‍රීසි කතා කරන, ජාත්‍යන්තරයටත් ගිහින් ඉතා හොඳට ලෝක නායකයො හැන්ඩ්ල් කරන පොරක් වුණා.


මෙතෙක් ලංකාවේ දේශපාලනය තිබුණේ එහෙමයි.


රට පාලනය කළේ, තීරණාත්මක පුටු වල හිටියේ ක්ලාසි මිනිස්සු.


ඒ ක්ලාසි මිනිස්සු යටතේ වෙනත් පන්ති වල මිනිස්සුත් හිටියා.


හැබැයි ඒ මිනිස්සුන්ටත්, අර ක්ලාසි මිනිස්සු වගේ හැසිරෙන්න, හැඩගැහෙන්න වුණා.


මහින්දලාගේ චන්ද්‍රිකාලාගේ විදේශ ඇමති වුණේ අනුර බණ්ඩාරනායක ලා, බෝගොල්ලාගම ලා, කදිරගාමර් ලා, සරත් අමුණුගම ලා, මංගල ලා.


ක්ලාසි මිනිස්සු.


ක්ලාසි මනුස්සයෙක් හැසිරෙන විදිය වෙනස්. කන බොන විදිය වෙනස්. හිතන විදිය වෙනස්.


ඉතින් ඒ ක්ලාසි මිනිස්සු යට ප්‍රසන්න රණවීර ලා, මර්වින් ලා, සනත් නිශාන්ත ලාත් හිටියා.


හැබැයො රට දිව්වේ පරිචයක් තිබුණු මිනිස්සු. අර ගොල්ලො හිටියේ දෙවන පෙළ. ඒ කට්ටිය එක තලයකින් උඩට ආවේ නැහැ.


රට ඇත්තටම දුවවපු මිනිස්සුන්ට තිබුණේ විශාල ලෝක. විශාල හීන. ඒ ගොල්ලො ලෝකය දැකලා, ලෝකය ඇසුරු කරලා පරිචයක් තිබුණා.


2025 වෙනකම්ම අපේ රටේ පාලනය තිබුණේ එහෙමයි.


ලංකාව අපේ තුන්වන ලෝකයේ රටවල් අතර ඉතාම කම්ෆර්ටබල්ම රට වුණේ මේ මිනිස්සුන්ගේ පාලනය නිසා.
වෙනත් රටවල පාලකයන්ට වඩා අපේ රටේ පාලකයො ‘ඊනියා ජාත්‍යන්තර ක්‍රමයට’ සමීප වුණා.


ඉතින් ලෝකේ දුවන සිස්ටම් එකට අපිට අනෙක් තුන්වන ලෝකයේ රටවලට වඩා පහසුවෙන් අනුගත වෙන්න පුලුවන් වුණා.


මොකද අපේ රටේ පාලනය කරපු කට්ටිය, රටේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා, ඊනියා ජාත්‍යන්තරයට සමීප වුණා.
ඔය රනිල් ලා සාමාන්‍ය මිනිස්සුන්ට ‘අපේ එකෙක්’ වගේ දැනෙන්නේ නෑ කියන්නේ ඒකයි.


ක්‍රිකට් ටීම් එක හොඳම උදාහරණයක්.


අර්ජුන ලා යටතේ මාතරින් ආපු සතයටත් පෙරේත සනත් ජයසූරිය ලා හිටියා.

ජනප්‍රිය පුවත්  කොළඹ ෂැම්පේන් සමාජවාදීන්! පෙන්ට්හවුස් මහල් නිවාසවල සිට සමානාත්මතාවය දේශනා කිරීම


හැබැයි සනත්ට ඕන විදියට නටන්න වුණේ නැහැ. සල්ලි වලට තරග පාවා දෙන්න ලැබෙන්නේ නැහැ.
එහෙම කළොත් අර්ජුන කනෙන් අල්ලලා එලියට දානවා.


කාලයත් අර්ජුනලගේ ක්ලාස් එක සනත්ලටත් ආවා. අර්ජුනලට තිබුණු සල්ලි වලට එහා ගිය ලෝක කුසලාන දිනන හීන සනත්ලට ආවා.


සනත්ලගේ රෝල් මොඩ්ල් එක
වුණේ අර්ජුන.


ඊටපස්සේ සනත් ලා මැචුවර් වුනාම සංගා ලා මහේල ලා හැදුනා.


සංගාලා මහේලලාත් ලොකු හීන තිබුනු, ලොකු පොරවල්. ක්ලාසි බුවාලා.


ඒ කට්ටිය එක පාරම සමුගත්තම පොඩි උන් ටිකක් ආවා.


උන්ට කණ්ඩායමේ රෝල් මොඩ්ල්ස්ලා හෝ සීනියර්ස්ලා හිටියේ නැහැ.


ඔවුන්න්ට කරන්න ඕන දෙයක් නැතුව අතරමන් වුණා.


ඒ අතරේ ඔවුන්ට සල්ලි ලැබුණා.


වනිඳු හසරංග, කුසල් මෙන්ඩිස් සහ සනත් ජයසූරිය අතර වෙනසක් නැහැ.


එකම වෙනස වනිඳුට, කුසල්ට අර්ජුන කෙනෙක් නැහැ.


ඉතින් වනිඳු ලා, කුසල් ලා තමන්ගේ පොඩි ලෝක වල අපතයො වුණා.


ඔවුන්ට කාර් එකක් ලැබුණු කෝටි දහයක් විස්සක් ලැබුණම මැච් එක ඉවර වුණා.


ක්‍රිකට් අතැරලා ගෑනු පස්සේ දුවන්න ගත්තා.


කුසල්ට වනිඳුට ලොකු හීන දෙන්න, ලෝකය දිනන්න ඕන කියලා හීන දෙන්න, උන් ක්ලාසි කරන්න රෝල් මොඩ්ල් එකක් ටීම් එකේ නැහැ.


ඕක තමයි අර්බුධය.


ක්‍රිකට් ක්‍රීඩාවට 2016 වෙච්ච සන්තෑසිය ලංකාවේ දේශපාලනයට වුණේ 2024 දි.


විජිත ලා, හඳුන් ලා හැමෝම යටින් ආපු මිනිස්සු.


නමුත් ඔවුන් සහ ආර් ප්‍රේමදාස අතර වෙනස හැදෙන්නේ ප්‍රේමදාසට රෝල් මොඩ්ල් එකක් වෙච්ච ඩඩ්ලි ලා, ජේ ආර් ලා , ඇතුලත්මුදලි ලා විජිත ලාට නැහැ.


විජිතලාගේ ජීවිතයම පැලවත්ත පොඩි කොටුවක්.


විජිතලා දන්න ලොකුම පොර, අමු ගම් බට්ටෙක් වෙච්ච ටිල්වින්.

ජනප්‍රිය පුවත්  ඉන්දියාවෙ මෝඩි සහ ලංකාවෙ මෝඩයා


ටිල්වින්ගේ ලෝකේ කාටත් වඩා පොඩියි.


ඉතින් කෝ විජිතලාට රෝල් මොඩ්ල් එකක් ? කෝ ඉන්ස්පිරේෂන් එකක් ?


විජිත ලා හඳුන් ලා සාමාන්‍ය ආණ්ඩුවක නම් ඉන්නේ මර්වින් ලා, ප්‍රසන්න රණවීර ලා ඉඳපු තැන.


ඔය මැටි ඇමතිකම්, සීනි ඇමතිකම්, පොල් ඇමතිකම්, රාජ්‍ය ඇමතිකම් , නියෝජ්‍ය ඇමතිකම් මහින්ද ලා, රනිල් ලා හැදුවේ මේ කැලිබර් එකේ මිනිස්සු වෙනුවෙන්.


හොඳ ඇමතිකම් අර මිනිස්සුන්ට.


මේ කට්ටිය දේශපාලනයට උවමනා නිසා තියාගත්තට වැදගත්, රට දුවවන පුටු දුන්නේ නැහැ.


2024 වුණේ මේ කට්ටියට එක පාරම, වැදගත්ම පුටු ලැබීම.


හැබැයි ඒ පුටු වල ඉදගැනීමේ පරිචයක් මේ කට්ටියට නැහැ.


මේ කට්ටිය හරියට කොෆි එකක්, විස්කි එකක් බොන්න තේරෙන්නේ නැහැ.


මේ ගොල්ලොන්ගේ ඇමති මණ්ඩලයේ ‘මහාචාර්ය’ බුවෙක් ඉන්නවා.
විශ්වාස කරන්න.


එතුමා කොංඥැක් එක්ක ස්ප්‍රයිට් මික්ස් කරන් බොනවා.


එක් පැත්තකින් ජීවිත කාලෙම ගම් වල, පක්ෂෙ කොටුවක ඉදලා කාපු කටු, ඇරියස් දැන් කවර් කරනවා.
දැන් සල්ලි අරන්, අපාර්ට්මන්ට් වල ඉදලා, කොංඥැක්, සිංගල් මෝල්ට් බීලා එන්ජෝයි කරනවා.


ලොකුම හීනය කොංඥැක් බෝතලයක් මිසෙක විශාල ව්‍යාපෘතියක් නෙවෙයි.
ඉතින් රට නැවතිලා.


අනෙක් පැත්තට කැලිබර් එකක් නැති නිසා රට නෝන්ඩි වෙනවා.


එහෙම පොරවල් වලට ලංකාවේ උපාධි තියෙනවා. හැබැයි කිසිම වෙලාවක රටක් දුවවන්න අවශ්‍ය ලොකු පෞරුෂයක්, පරිචයක් නැහැ.


ලොකු හීන නැහැ.


එතකොට වෙන්නේ රට මේ විදියට නෝන්ඩි වීම.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x