October 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් රොත්තක්ම අස්වැසුම හොරෙන් අරන්…

1 min read

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභ වංචනික ලෙස තම නමට සහ තම ඥාතීන්ගේ නමට ලබා ගත් එම කාර්යාලයේ සේවය කරන සේවකයින් රැසක් විමර්ෂණයක් ආරම්භ කිරිමට ප්‍රථම ස්වේච්ඡාවෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවේ වංචාවක් සිදු කල බවට පිලිගෙන ඇත. එම කාර්යාලයේ විවිධ අංශවල සේවය කරන සේවකයින් රැසක් 2023 වසරේ සිට අස්වැසුම මුදල් ඔවුන්ගේ නම්වලට සහ ඔවුන්ගේ ලගම ඥාතීන්ගේ නම්වලට ලබා ගෙන ඇති බවට නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදු වී ඇති අස්වැසුම මුදල් වංචාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ෂණ කටයුතු වලදී අනාවරණය විමෙන් පසු එම නිළධාරින්ගේ නාම ලේඛනයක් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය වෙත ලිඛිතව යොමු කර ඇත.

ප්‍රාදේශීය ලේකම්වරයා විසින් එම නාම ලේඛණය දිස්ත්‍රික් ලේකම්වරිය වෙත යොමු කිරිමෙන් පසු එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිළධාරින්, සමෘද්ධි නිළධාරින් ඇතුලු තවත් අංශ කිහිපයක සේවය කරන සේවකයින් ගණනාවක් තමන් සිදුකල වංචාව සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවේ පවසා ඇත.

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සිදු වී ඇති අස්වැසුම මුදල් වංචාව රු.කෝටි 6කට ආසන්න නිසා එහි ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කිරිමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය මගින් අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත.

ජනප්‍රිය පුවත්  රවි සහ ශානි දෙපලගේ බරපතල පැහැරහැරීම් රැසක් කරළියට

එම මුදල් වංචාව සිදු කල අස්වැසුම අංශයේ නිළධාරින් දෙදෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර, එම නිළදාරින් දෙදෙනා විසින් අස්වැසුම මුදල් බැර කල ඔවුන්ගේ ළගම ඥාතියෙකු ඇතුලු ගුරුවරුන් 6 දෙනෙකු විමර්ෂණ කටයුත්තකට යටත්ව වැඩ තහනමකට ලක් වී ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x