June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රදේශ කිහිපයක විදුලිය කපයි

1 min read

ජාතික විදුලිබල පද්ධතියේ ඇති වූ අනපේක්ෂිත අසමතුලිතතාවයක් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම තාවකාලිකව අත්හිටුවා ඇත.
විදුලි පද්ධතියේ සමතුලිතතාවය සහ තාක්ෂණික ආරක්ෂාව රැකගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වුවද, දැනට පවතින මෙම තත්ත්වය අද (30) පස්වරු 3.00 පමණ වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, අද දිනයේ පවතින අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගැනීමට ගැනීමට සිදුවූ බවය.

මේ අතර, ජාතික විදුලිබල පද්ධතියේ විශ්වසනීයත්වය සහ ස්ථාවරත්වය කඩිනමින් තහවුරු කිරීම සඳහා, වහළ මත සවිකර ඇති සූර්ය බලශක්ති පද්ධති අද පස්වරු 3.00 දක්වා තාවකාලිකව ක්‍රියාවිරහිත කර තබන ලෙස ජාතික පද්ධති ක්‍රියාකරු පුද්ගලික සමාගම ද පාරිභෝගිකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x