June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පකිස්ථානය සහ තුර්කිය ගෙනා සටන් විරාම යේජනාවලිය ඉරානය නිල වශයෙන් ප්‍රතික්ෂේප කරයි!

1 min read

ඇමෙරිකානු ප්‍රහාරයට පැය කිහිපයක් තිබියදී පාකිස්තානය සහ තුර්කිය විසින් ගෙනා ඉස්ලාමාබාද් සාම යෝජනාවලිය ඉරානය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. එම සාම යෝජනාවලියට අනුව,

ඉතා ඉක්මනින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට යෝජනා වී තිබුණු අතර ඒ වෙනුවෙන් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් පැය 48 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමට යෝජනා වී තිබුණි. එහි දෙවන පියවර ලෙස දින 15 – 20 ක් තුළ ඉරානය විසින් න්‍යෂ්ටික වැඩපිළිවෙළ සීමා කිරීමට පොරොන්දු වීම සහ ඇමෙරිකාව විසින් පනවා තිබූ සම්බාධක ඉවත් කිරීමට සහ තහනම් කළ වත්කම් නැවත ඉරානය වෙත පැවරීමට නියමිතව තිබුණි. කෙසේවෙතත් ඇමෙරිකාව පිළිගත නොහැකි දෙබඩි රාජ්‍යයක් බව පවසා එම සාම යෝජනාවලිය ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හෙට දින රාත්‍රී 8 න් පසු (නැගෙනහිර වේලාවෙන්) ඉරානය වෙත ප්‍රහාරයක් කිරීමට නියමිත බවට අනතුරු අඟවා ඇත.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x