June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත්ගේ කාර්යාලයට ප්‍රහාරයක්

1 min read

මිද්දෙණිය වීරකැටිය මාර්ගයේ පිහිටි ජාතික ජන බලවේගයේ දේශපාලන කාර්යාලයකට කිසියම් පිරිසක් විසින් අද (16) අලුයම හානි පමුණුවා තිබේ.

ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය අරවින්ද සෙනරත් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් මේ පිළිබඳව මිද්දෙණිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. අද දිනට යෙදී ඇති මහජන දිනය වෙනුවෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා පැමිණීමට පෙර පූර්ව සූදානම් කටයුතු සඳහා කාර්යාලය විවෘත කිරීමට ගිය අවස්ථාවේදී මෙම විනාශය දැක ඇති බව වාර්තා වේ.

ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන් හෝ ඒ පිටුපස ඇති හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x