June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නැවෙන් බාන ඩීසල් ලීටරයක බදු රහිත මිල රුපියල් 410යි… | මිල වැඩි නොකර බැරිවේවි…!

1 min read

කිසිදු බදු මුදලක් නැතිව ඩීසල් ලීටරයක් මෙරටට ගොඩබාන පිරිවැය රුපියල් 410ක් පමණ වන බැවින්, දැනට පවතින රුපියල් 392ක මිලට එය අලෙවි කිරීමේ හැකියාවක් නොමැති බව ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ බෙදාහරින්නන්ට ලබා දෙන මුදල් හෝ කිසිදු බදු මුදලක් එක් නොකළද, වත්මන් ලෝක වෙළඳපොළ මිල අනුව ඩීසල් ලීටරයක පිරිවැය රුපියල් 409ත් 410ත් අතර අගයක පවතින බවයි.

මෙවැනි තත්ත්වයක් යටතේ රුපියල් 410ක පිරිවැයක් සහිත ඩීසල් ලීටරයක් රුපියල් 392කට පොම්පයෙන් අලෙවි කිරීම ප්‍රායෝගික නොවන බව ඔහු අවධාරණය කරයි.

ඉන්ධන සඳහා රජය විශාල සහනාධාරයක් ලබා දෙන බව පවසන ඒ මහතා, දැනට ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක පමණ සහනාධාරයක් පවතින බව ප්‍රකාශ කළේය.

මෙම සහනාධාර වෙනුවෙන් රජය මාසිකව රුපියල් බිලියන 15ත් 20ත් අතර මුදලක් වැය කරන අතර, වසරකට එය රුපියල් බිලියන 200ත් 250ත් දක්වා ඉහළ අගයක් ගන්නා බවද ඔහු පෙන්වා දුන්නේය.

මෙලෙස මිල අඩු මට්ටමක පවත්වා ගැනීම නිසා ඉන්ධන සඳහා ඇති ඉල්ලුම අඩු නොවන බවත්, එය ඩොලර් සඳහා ඇති ඉල්ලුම පාලනය කිරීමට බාධාවක් වන බවත් ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

ජනප්‍රිය පුවත්  කතරගම නව නිළමෙ ජනාධිපතිගේ ගජ මිතුරෙකි!

ඉන්ධන පරිභෝජනය අඩු නොකර ඩොලර් අර්බුදයට විසඳුම් සෙවීම අපහසු බැවින්, ඉන්ධන සඳහා මෙවැනි සුබසාධන සහනාධාර ලබා නොදිය යුතු බව ඔහුගේ අදහසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x