June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නාගොඩ ශික්ෂණ රෝහලේදී වෙඩි තැබීමක්! බන්ධනාගාර රැඳවියෙකුට අසාධ්‍යයි!

1 min read

නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බන්ධනාගාර රැඳවියෙකු අද (31) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලබා තිබේ.

පොලීසිය සඳහන් කළේ අදාළ රැඳවියා කළුතර බන්ධනාගාරයේ සිටි අයෙකු බවය.

මෙම වෙඩිතැබීම අද උදෑසන 6.00ට පමණ සිදුකර ඇති බවත්, ශල්‍ය වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි අදාළ රැඳවියාගේ උදරය ප්‍රදේශයට වෙඩි වැදී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරිය අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඒ අනුව ඔහු මේ වනවිට ශල්‍යකර්මයකට භාජනය කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x