ධවල මන්දිරය අසල වෙඩි තැබීමක් එක් අයෙක් ජිවිතක්ෂයට
1 min read
වොෂින්ටන් ඩීසී හි 17 වන වීදිය සහ පෙන්සිල්වේනියා මංසන්ධියේ ධවල මන්දිරය අසල රහස් සේවා මුරපොලකට ඊයේ(23)සවස 6ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් එක් අයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩි තැබීමෙන් අසල සිටි අයෙකු ද තුවාල ලබා ඇති අතර මූලික විමර්ශනයකින් සැකකරු තම ආයුධය බෑගයක දමාගෙන ආ සැකකරු වෙඩි ප්‍රහාර 30කට ආසන්න ප්‍රමාණක් තබා ඇති අතර රහස් සේවා නියෝජිතයන් පෙරලා කරන සල වෙඩි තැබීමෙන් සැකකරු ජෝර්ජ් වොෂින්ටන් රෝහලේදී මිය ගොස් ඇත.
ට්‍රම්ප් ආරක්ෂිත බව තහවුරු කිරීම සඳහා හවුස් රිපබ්ලිකන් පක්ෂය X හි පළ කර තිබු අතර සැකකරුගේ අනන්‍යතාවය සහ ඔහුගේ අභිප්‍රාය ප්‍රසිද්ධියේ නිකුත් කර නොමැති අතර විමර්ශනය සිදුවෙමින් පවතින බව රහස් සේවය සඳහන් කර තිබේ.
