September 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දෙමළ පක්ෂ හයක් ජනාධිපති හමුවීමට ඉල්ලයි

1 min read

ඒකාබද්ධව කටයුතු කිරීමට එකඟත්වයක් ඇති කරගත් දෙමළ භාෂිත දේශපාලන පක්ෂ හයක නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට ඉල්ලීමක් සිදු කර තිබේ.

ඒ, ඔවුන් විසින් මේ මස මුලදී ඇති කරගත් එකඟතා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කිරීම සඳහාය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් බලාත්මක කිරීම, පළාත් සභා මැතිවරණ පැවැත්වීම, සියලු ප්‍රජාවන්ට බලපාන ඉඩම් ආශ්‍රිත ගැටළු විසඳීම සහ සුළුතරයන් සම්බන්ධ ගැටලු සංවාදයෙන් විසඳීම ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් සම්බන්ධයෙන් මෙම පක්ෂ අතර එකඟතාවක් ඇති කරගන්නා ලදී.

ජනාධිපතිවරයා හමුවීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා සහ මෙරට සිටින රාජතාන්ත්‍රික නියෝජිතයින් හමුවී අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්ය.

සිය ඉල්ලීමට ජනාධිපතිවරයාගේ යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි ඔවුන් විශ්වාස කරන බවත් එකඟතාවයකට පැමිණි කරුණු සම්බන්ධයෙන් ඒකාබද්ධව කටයුතු කරමින් යුක්තිය, ස්ථාවර සාමය සහ අඛණ්ඩ දේශපාලන ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කරමින් ගමන් කිරීමට අපේක්ෂා කරන බවත් දෙමළ භාෂිත දේශපාලන පක්ෂ හයක් නියෝජතයෝ වැඩිදුරටත් සඳහන් කරති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x