June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩොලර් ප්‍රශ්නේ බෙහෙත් වලටත් බලපායි ! දොස්තර සංගමයකින් අනතුරු ඇඟවීමක් !

1 min read

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරට රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයෙහිම දැඩි ඖෂධ හිඟයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව අනතුරු අඟවයි.

ඔහු පෙන්වා දෙන්නේ, ඖෂධ ආනයනය සඳහා වැය කිරීමට සිදුවන රුපියල් ප්‍රමාණය ඉහළ යෑම හේතුවෙන් ආනයනකරුවන් මෙන්ම සෞඛ්‍ය සේවා සපයන්නන් ද මේ වන විට බරපතළ අභියෝගවලට මුහුණ දී සිටින බවයි.

ඩොලරයේ අගය අඩු මට්ටමක පැවති සමයේ ඇණවුම් කරන ලද ඖෂධ තොග නිදහස් කරගැනීම සඳහා මේ වන විට ආනයනකරුවන්ට විශාල රුපියල් ප්‍රමාණයක් වැය කිරීමට සිදුව ඇති බවත්, ඒ සමඟම නව ඖෂධ තොග ආනයනය කිරීමේ පිරිවැය ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

ඔහුට අනුව, දිවයින පුරා පිහිටි ඖෂධ සැල්වල දැනටමත් ඇතැම් ඖෂධ වර්ගවල හිඟයක් පවතින අතර, මෙම තත්ත්වය තවදුරටත් පැවතුණහොත් 2022 වසරේ මෙරට ඇති වූ ඖෂධ අර්බුදයට සමාන බරපතළ තත්ත්වයකට ශ්‍රී ලංකාවට නැවතත් මුහුණ දීමට සිදුවනු ඇත.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුවේ පළමු ෂොට් එක පුනරුදේට පෙරමුණ ගත් ගුරුවරුන්ටයි…! - ගුරු සංගම්…

එමෙන්ම, මෙරට වෙළඳපොළෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා වැයවන පිරිවැය ඉහළ යෑම හේතුවෙන් රජයේ මහා භාණ්ඩාගාරය වෙත ද දරාගත නොහැකි මූල්‍ය බරක් පැටවෙනු ඇති බවට වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් අනතුරු ඇඟවීය.

පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති විය හැකි බිඳවැටීම වළක්වා ගැනීම සඳහා ඖෂධ ආනයනයට අවශ්‍ය සහන සහ දිරිගැන්වීම් ලබාදීමට කටයුතු කරන ලෙස ඔහු මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටියි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x