July 29, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළට

1 min read

2026 වසරේ මේ දක්වා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම ඒකකය පැවසුවේ ඒ අනුව මේ දක්වා ඩෙංගු රෝගීන් 82,011 වාර්තා වී ඇති බවය.

එමෙන්ම ඩෙංගු රෝගය හමුවේ පුද්ගලයින් 61 ක්ද ජීවිතක්ෂයට පත්ව ඇති බවද එම ඒකකය සඳහන් කළේය.

මින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම රෝගීන් සංඛ්‍යාව 17,395 කි.

දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම රෝගීන් සංඛ්‍යාව 16,294 ක් ලෙසද සටහන් වී තිබේ.

මේ අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති පළාත් ලෙස බස්නාහිර පළාත තවදුරටත් පවතින අතර ඒ අනුව වසරේ මේ දක්වා බස්නාහිර පළාතෙන් වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 43,388 ක් ලෙස සටහන් වී ඇත.

දෙවැනියට දකුණු පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම පළාතෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 12,419කි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x