ජනාධිපති අනුර ජ.වි.පෙ. අත හරී!
1 min read
ඊයේ (අප්‍රේල් 05) දිවයිනේ විවිධ නගරවල පැවැති ජනතා විමුක්ති පෙරමුණේ ”අප්‍රේල් විරු සමරු” උත්සව කවරකටවත් ජ.වි.පෙ. නායක අනුර කුමාර සහභාගීවූයේ නැත. ජ.වි.පෙ. සමස්ත ඉතිහාසය තුළ ”අප්‍රේල් විරු සමරුව” වැනි එම පක්ෂය ඉතා වැදගත්කොට සලකන උත්සවයක් පක්ෂයේ නායකයාගේ සහභාගීත්වයෙන් තොරව පැවැත් වී නැත.
සෝමවංශ අමරසිංහ නායකත්වය දරන සමයේ, ඔහු විදේශගතව වාසය කරද්දීත්, විදේශ රටක පැවති ”අප්‍රේල් විරු සමරුවකට” සහභාගී වී තිබේ. ජ.වි.පෙ. නායක අනුර කුමාර මෙරට සිටිය දී නගර කිහිපයක පැවැති ”අප්‍රේල් සමරු” කිසිවකට සහභාගී නොවීම බොහෝ දේශපාලන නිරීක්ෂකයන්ගේ විමතියට හේතු වී තිබේ.
එපමණක් නොව, තම සමාජ මාධ්‍ය ගිණුම් තුළ ”අප්‍රේල් විරු සමරුවට” අදාළ කිසිවක් සඳහන් නොකර සිටීමද ජ.වි.පෙ. නායකයා විසින් සිදුකර තිබේ. මේ සියල්ල සිදුවන්නේ, ජ.වි.පෙ. අභ්‍යන්තරයේ ඇවිළෙන අර්බුදය හේතුකොටගෙන බව එම පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දේ.
පසුගිය දා පැවැති දේශපාලන මණ්ඩල සැසිවාරයේදී ඇති වූ මතභේදාත්මක තත්වය මත ජ.වි.පෙ. නායක අනුර කුමාර අතර මැද දි සිය කෝපය ඵලකර ඉවත්ව ගොස් තිබේ. අමාත්‍ය කුමාර ජයකොඩි සම්බන්ධ ප්‍රශ්නය පිළිබඳව බිමල් රත්නායක ඇතුළු පිරිස සමග ඇති වූ මතභේදයේ අතර මැද දී මෙය සිදුව තිබේ.
ජ.වි.පෙ ආරංචි මාර්ග පවසන්නේ තවදුරටත් කුමාර ජයකොඩි අමාත්‍යධුරයේ රැදී සිටින්නේ අනුරගේ උවමනාව මත බවයි. දූෂිතයකු රකින තත්වයට තම පක්ෂ නායකයා පත්වීම බොහෝ සාමාජිකයන්ට ඉවසිය නොහැකි තත්වයක් වී තිබේ.
සුමිත්‍රා කීරවැල්ල
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
