June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක සහ මෙරට ආරක්‍ෂක ලේකම් අතර හමුවක්

1 min read

ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයට අලුතින් පත්වූ ආරක්‍ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao ආරක්‍ෂක අමාත්‍යාංශයේදී ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා හමුවී තිබේ.

මෙම හමුවේදී ආරක්‍ෂක ලේකම්වරයා සහ චීන ආරක්‍ෂක උපදේශකවරයා අතර ද්විපාර්ශ්වික ආරක්‍ෂක සබඳතා මෙන්ම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක නිරතවී ඇත.

මෙම අවස්ථාවට තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක සහ නාවික ආරක්‍ෂක උපදේශක ද එක්විය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x