June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චීනයෙන් ලංකාවට රාජතාන්ත්‍රික අනතුරු ඇගවීමක්..

1 min read

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළ දෙපාර්ශ්වයේම විද්‍යාඥයන් විසින් සිදු කරන සාමාන්‍ය සමුද්‍රීය විද්‍යාත්මක පර්යේෂණ විවිධ බාධා කිරීම් හේතුවෙන් ප්‍රමාද වී ඇති බව චීන තානාපති චී ෂෙන්හොං මහතා ප්‍රකාශ කළේ ය.
කොළඹ පැවැති ‘Colombo Maritime Dialogue’ සමුළුවේ සමාරම්භක උත්සවයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

විවිධ බාධා කිරීම් හේතුවෙන් දෙරටේ විද්‍යාඥයන් සැලසුම් කළ පර්යේෂණ කටයුතු ප්‍රමාද වී ඇති අතර, ශ්‍රී ලංකා රජය තම ස්වෛරීභාවය සහ ගෞරවය සලකා බලා මේ සම්බන්ධයෙන් ඉක්මනින් නිවැරදි තීරණයක් ගනු ඇතැයි ඔහු බලාපොරොත්තු පළ කළේය.

2025 වසරේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ කළ සංචාරයෙන් පසු, සමානත්වයේ සහ අන්‍යෝන්‍ය විශ්වාසයේ පදනම මත සමුද්‍රීය සහයෝගීතාව දිගටම පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම එකඟ වී ඇති බව ඔහු සිහිපත් කළේය.

ඉන්දියන් සාගරය මහා බලවතුන්ගේ ගැටුම්කාරී පිටියක් නොවිය යුතු බවත්, එය සාමය, සංවර්ධනය සහ විවෘත සහයෝගීතාව සඳහා වූ කලාපයක් විය යුතු බවත් තානාපතිවරයා අවධාරණය කළේය.

සමුද්‍රීය පරිසර පද්ධති සුරැකීම, ආපදා සහන සහ පිරිස් පුහුණු කිරීම් වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමටත්, නිල් ආර්ථික හවුල්කාරිත්වයක් කරා ගමන් කිරීමටත් දෙරට එකඟ වී ඇත.

ජනප්‍රිය පුවත්  නීතිපති දඩයම පරාජය කිරීම අධිකරණ පද්ධතිය ලැබූ ජයග්‍රහණයක්! 

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x