June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගැඹුරු පීඩන අවපාතය හෙට පස්වරුවේ මෙරටට ඇතුළුවන ලකුණු!

1 min read

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ හේතුවෙන් ඉදිරි පැය 24 පුරා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පවසයි.

වර්ෂාපතනය පිළිබඳ පුරෝකථනය කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ඉදිරි දින කිහිපය තුළ ප්‍රදේශ රැසක වර්ෂාපතනය මෙසේ විය හැකිය:

නැගෙනහිර සහ ඌව පළාත්: ත්‍රිකුණාමලය, අම්පාර, මඩකලපුව, මොනරාගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි.

උතුරු පළාත: මුලතිව්, යාපනය, වව්නියාව, මන්නාරම සහ කිලිනොච්චිය ප්‍රදේශවලට මි.මී. 75 – 100 අතර වැසි.

මධ්‍යම පළාත: මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්කවලට ඉදිරි දින තුන තුළ මි.මී. 75 – 100 අතර වැසි.

උතුරු මැද පළාත: අනුරාධපුර සහ පොළොන්නරුව ප්‍රදේශවලට මි.මී. 50 – 75 අතර වැසි.

බස්නාහිර සහ සබරගමුව: කොළඹ, ගම්පහ, කළුතර, රත්නපුර සහ කෑගල්ල යන ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත වැසි.

ජනප්‍රිය පුවත්  මූල්‍ය ස්ථාවරත්වය අවධානමේ! - මහබැංකුව

ගංවතුර සහ නායයෑම් අවදානම වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අනුව දැනටමත් බොහෝ වැව් සහ ජලාශවල ජල මට්ටම 80% – 90% දක්වා පිරී පවතී. මේ හේතුවෙන් පහත දිස්ත්‍රික්කවල ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ගංවතුර අවදානමක් පවතින බවට අනතුරු ඇඟවේ:

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x