October 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොබෙයි⁣ගනේ පොලීසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

1 min read

කොබෙයිගනේ පොලිසියේ රඳවා සිටියදී නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය සැකකරුගේ සිද්ධියට එම පොලිස් ස්ථානයේ සැරයන්වරු දෙදෙනෙකු සහ කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, රාජකාරිය පැහැර හැරීම මත අදාළ නිලධාරීන්ට මෙම විනය ක්‍රියාමාර්ගය ගෙන ඇති බවය.

පසුගිය ඔක්තෝබර් 25වැනිදා දහවල් කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බව කියන සැකකරුවෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාර දී තිබුණි.

ඉන් අනතුරුව දින දෙකක් පුරා ඔහු පොලිස් අත්අඩංගුවේ පසුවී ඇති අතර, ඉකුත් 27 වැනිදා රාත්‍රියේදී රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

එම මරණයත් සමග සැකකරු අල්ලා පොලිසියට භාර දුන් ප්‍රදේශවාසීන් පස් දෙනෙකු කොබෙයිගනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

කෙසේ වෙතත් අත්අඩංගුවට පත්වූ පිරිසගේ ඥාතීන් දැඩි චෝදනා කළේ, සැකකරු අල්ලා ගසක බැඳ පැයක් ගතවීමටත් මත්තෙන් පොලිසිය දැනුවත් කර ඔහු නිරපද්‍රිතව පොලිසියට භාර දුන් බවය.

ඔහුට පහරකෑමක් සිදුවී තිබුණි නම්, මරණයට පත්වීමට ප්‍රථම ඔහුව රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගත යුතුව තිබූ බවද ඔවුහු පෙන්වා දුන්හ.

ජනප්‍රිය පුවත්  22 වැනි සංශෝධනය අධිකරණ ස්වාධීනත්වයට තර්ජනයක් - විපක්ෂ නායක

මේ දක්වා අත්අඩංගුවට ගත් එම ප්‍රදේශවාසීන් පිරිස නිදහස් කර නොමැති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කළේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x