October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ක්‍රෙඩිට් කාඩ්වලින් ණය ගැනීම් ඉහළට

1 min read

ක්‍රෙඩිට් කාඩ් හරහා ජනතාව ණය වී ඇති ප්‍රමාණය ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ වාර්තාවක් මගින් අනාවරණය කර තිබුණි. ඒ හරහා ජනතාවගේ ආර්ථිකයට වන බලපෑමත්, එයට හේතු පිළිබවත් ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත සමග කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි

ලංකාවේ ජනතාව ක්‍රෙඩිට් කාඩ් මගින් ගනුදෙනු කර ගෙවිය යුතුව තිබෙන මුදල මේ වසරේ අගෝස්තු මාසය වන විට රුපියල් බිලියන දෙසීය දහ තුන (213) පසු කර තිබේ. නිකුත් කර තිබෙන ක්‍රෙඩිට් කාඩ් ප්‍රමාණය ලක්ෂ විසි තුනකට ආසන්න වෙයි. මේ වසරේදී පමණක් කාඩ් පත් එක් ලක්ෂ තිස් දහසකට අධික ප්‍රමාණයක් නිකුත් කර තිබේ.

මේ සංඛ්‍යා ලේඛන සහිතව ශ්‍රී ලංකා මහ බැංකු නිකුත් කර ඇති වාර්තාව අනුව මේ වසරේදී ක්‍රෙඩිට් කාඩ් පත් හරහා ණයවීමේ වේගය බරපතළ ලෙස ඉහළ ගොස් ඇත. 2025 ජනවාරි මාසයේදී ක්‍රෙඩිට් කාඩ් හරහා ණය වී තිබූ ප්‍රමාණය රුපියල් බිලියන එකසිය පනස් පහ (155) කි. එය 2026 ජනවාරි වන විට බිලියන එකසිය අනූව (190) ඉක්මවා ගොස් තිබේ. මෙසේ කෙඩිට් කාඩ් පත් හරහා ණය වීමේ වේගය ඉහළ යාම පටන් ගෙන ඇත්තේ 2025 නොවැම්බර් මාසයේ සිටය. දෙසැම්බර් වන විට ණය ප්‍රමාණය බිලියන එකසිය අසූව (180) ඉක්මවා ගියේය. එතැන් සිට ඉහළ යාම අඛණ්ඩව සිදුවිය. මෙයින් පෙන්නුම් කරන්නේ ආර්ථිකයේ තිබෙන පීඩනයයි. බොහෝ දෙනා ණය මත පාරිභෝජනය කිරීමට යොමුවී තිබේ.

ජනප්‍රිය පුවත්  තම අයිතිවාසිකම් ලබා දෙන ලෙස බල කරමින් වතුකරයේ ළමුන් පා ගමනක

රත්‍රන් උකස් කර ණය ගැනීම කොතරම් ඉහළ ගොස් තිබේද යන්න මීට පෙර අප ලියූ ලිපි මගින් පැහැදිලි කළේය. රත්‍රන් උකස් කර ණය ලබාගන්නේත්, ක්‍රෙඩිට් කාඩ් පත් හරහා ණය ලබාගන්නේත් පරිභෝජනයටය. එයින් පෙනෙන්නේ වැඩිවන ජීවන වියදම පියවා ගැනීමට වැඩි වශයෙන් ණයවීමට සිදුව තිබෙන බවයි. මෙම ණය ලබාගෙන ඇත්තේ ආයෝජනය සඳහා නොවේ. ඒවා ලබාගෙන ඇත්තේ පාරිභෝජනය සඳහායි. එයින් පෙනෙන්නේ අද වන විට ණය නොවී පාරිභෝජනය කළ නොහැකි මැද පංතියක් නිර්මාණය වී ඇති බවය.

ලංකාවේ පුද්ගලික අංශය ණය උගුලකට ගොස් තිබෙන්නේ කෙසේදැයි යන්න අප මීට පෙර පැහැදිලි කරනු ලැබුවේය. මීට වසරකට පෙර, පසුගිය වසරේ අය වැය ලේඛනය ඉදිරිපත් කළ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නව ලිබරල් වැඩපිළිවෙළ ඔස්සේ ඉදිරියට යන විට ජනතාව ණය උගුලක හිරවෙන බවත් අප පෙන්වු දෙනු ලැබුවේය.

මෙහි ඇති භයානකත්වය වන්නේ ලබන වසරේදී මීට වඩා වැඩි ණය ප්‍රමාණයක් ලබාගැනීමට සිදුවීමයි. එහි ඇති ගැටලුව වන්නේ කුමන අවස්ථාවකදී හෝ ණය ලබාදීම ප්‍රතික්ෂේප වුවහොත් ඔවුනගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙනු ඇත. මෙම ජනතාව බංකොලොත් වනු ඇත. ඔවුන් දැන් ආර්ථීකය ඉදිරියට ගෙන යන්නේ පරණ ණයට අලුත් ණය ලබාගෙන “ආර්ථික රෝලක් ගසමින්” සිටින නිසාය.

ජනප්‍රිය පුවත්  නාමල් රාජපක්ෂ ට එරෙහි නඩුවකට අධිකරණය දුන් නියෝගය

ණය වැඩිවී ගෙවීම් අඩුවන විට හෝ ණය වැඩිවී ගෙවීම් නරත වන විට නැවත ණය දීම් ප්‍රතික්ෂේප වේ. ක්‍රෙඩිට් කාඩ් පත් ලබාගෙන ඇති පුද්ගලයා මෙම ස්ථානයට පැමිණි වහාම ණය ලබාගැනීමේ හැකියාව සම්පූර්ණයෙන්ම නතරවී යනු ඇත. ක්‍රෙඩිට් කාඩ් පත් හිමියා ආර්ථිකයේ සක්‍රීය චරිතයක් බවට පත්ව සිටිනනේ ණය ලබාගැනීමට හැකියාව ඇති තාක් කල් පමණි. මෙම චක්‍රයේ සිරවීමට නියමිත ජනතාව විශාල පිරිසක් සිටී.

මේ ආකාරයට පාරිභෝජනය සඳහා ණය වීම ආර්ථිකයේ හොඳ තත්ත්වයක් නොවේ. ආයෝජනයක් සඳහා ණය වන විට ආදායමක් උපද්දනු ලබයි. පාරිභෝජනයේදී එවැන්නක් වන්නේ නැත. තමන්ට මේ මාසයේදී ගෙවීමට වන හිඟයට ණය වීමට සිදුවීම, ආණ්ඩුව ජනතාව ගෙනවිත් තිබෙන තැනයි. ජනතාවට අසීමිත බදු සහ දඩ ආණ්ඩුව විසින් නියම කර තිබේ. මීට අමරතව ණය මත පැටවෙන පොලියේ බරත් ජනතාවට තිබේ. මීටත් අමතරව ඉන්ධන මිල ඉහළ යාම, විදුලි බිල ඉහළ යාම ඇතුළු උද්ධමනයේ බරත් ජනතාව පිට පැටවේ. බදු, දඩ, පොලිය, උද්ධමනය ඉහළ යාමට සාපේක්ෂව ආදායම ඉහළ යන්නේ නැත. මෙම හිඩැස පියවා ගැනීමට ජනතාවට ණය වීමට සිදුව තිබේ. මෙසේ ණය ලබාගන්නා මාර්ග අතරින් ක්‍රෙඩිට් කාඩ් පත් යනු එක් මාර්ගයක් පමණි. රන් ණය, මෙම සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවන අවිධිමත් ආර්ථිකයේ ණයද තිබේ.

ජනප්‍රිය පුවත්  සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් සලකා බැලේ..

බදු, දඩවලින් පුම්බා දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ යාමක් පෙන්වාදුන්ද එයින් ජනතාවට කිසිදු සෙතක් වී නොමැති බව මෙයින් හොඳින්ම පෙනේ. ආණ්ඩුවේ සංඛ්‍යාලේඛන සියල්ලම හුදෙක් පුම්බා ඇති සංඛ්‍යාලේඛන බවත්, එයින් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වී නොමැති බවත් මෙයින් හොඳින්ම පෙනේ. දැන් ආණ්ඩුව ජනතාව ගෙනවිත් තිබෙන තැන මෙයින් හොඳින්ම දැක ගත හැකිය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x