June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කරච්චි කොන්සල් කාර්යාලයට කඩා වැදුණු විරෝධතාකරුවන්ට අමෙරිකානු හමුදාවෙන් වෙඩි!

1 min read

සති අන්තයේ කරච්චි නගරයේ පිහිටි ඇමරිකානු කොන්සල් කාර්යාලයට කඩා වැදීමට උත්සාහ කළ විරෝධතාකරුවන් පාලනය කිරීමේදී ඇමරිකානු මැරීන් භටයින් වෙඩි තැබූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

එම පුවත් සේවය ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු උපුටා දක්වමින් සඳහන් කරන්නේ, විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට ඇමරිකානු මැරීන් සාමාජිකයින් සම්බන්ධ වූ බවට පළමු නිල තහවුරු කිරීම මෙය වන බවයි.

කෙසේ වෙතත්, මැරීන් භටයින් විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාර හමුවේ මරණ සිදු වූවාද යන්න තවමත් පැහැදිලි නොවන බව නිලධාරීන් සඳහන් කර ඇත.

තවද, එම ස්ථානය ආරක්ෂා කරමින් සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් හෝ ප්‍රාදේශීය පොලිසිය වෙඩි තැබූවාද යන්න පිළිබඳවද නිශ්චිත තොරතුරු නොමැති බව සඳහන් වේ.

විරෝධතාවය අතරතුර, විරෝධතාකරුවන් සංකීර්ණයේ පිටත බිත්තිය කඩා දැමූ අවස්ථාවේදී අවම වශයෙන් පුද්ගලයින් 10 දෙනෙකු මිය ගිය බව ප්‍රාදේශීය වාර්තා සඳහන් කරයි.

පළාත් රජයේ ප්‍රකාශක Sukhdev Asardas Hemnani පවසන්නේ, “ආරක්ෂක” නිලධාරීන් විසින් වෙඩි තැබීම සිදු කර ඇති බවත්, ඒ බව මෙතෙක් සනාථ කර නොමැති බවත්ය.

ජනප්‍රිය පුවත්  ඉන්දීය බාල ඖෂධ 10ක් භාවිතයෙන් ඉවත් කරයි!

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x