June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඖෂධ මිලත් උඩ යන්න සූදානම්

1 min read

ආනයනය කරන සහ දේශීයව නිෂ්පාදනය කරනු ලබන ​ඖෂධ මිල ගණන් අවම වශයෙන් සියයට විසිපහකින්වත් ඉහළ දමන ලෙස ඖෂධ සමාගම් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

මේ වන විට විදුලි ගාස්තු ඉහළයාම රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය ඉහළ යාම, නෞකාවල රක්ෂණ ගාස්තු ඖෂධ මිල හා ඖෂධ නිෂ්පාදන මූලද්‍රව්‍යවල මිල ඉහළ යාම ඇතුළු සියලු වියදම් සැලකිල්ලට ගෙන ඖෂධ මිල ඉහළ දැමීමට සිදුව ඇතැයි ද එම සමාගම් පෙන්වා දී තිබේ.

ඖෂධ නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් ඇති නිසා දේශීයව නිපදවන ඖෂධ මිල ගණන් අනිවාර්යයෙන්ම ඉහළ දැමිය යුතුව ඇතැයි දේශීය ඖෂධ නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති නලින් කන්නංගර ‘‘අරුණ’’ ට පැවැසීය.

මේ අතර ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත වාණිජ්‍ය කර්මාන්තකරුවන්ගේ (SCCPI) සභාපති ශාන්ත බණ්ඩාර ද කියා සිටි​යේ දැනට රජය විසින් මිල පාලනයකට යටත් කොට ඇති ඖෂධ 60 හි මිල පාලනය ඉවත් කොට අඩුම තරමින් ඒවායෙහි මිල සියයට 7 කින් වත් ඉහළ දැමීමට පියවර ගන්නා ලෙසයි.

මෙරට රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ වර්ග 1800 ක් පමණ ආනයනය කරන අතර ඖෂධ වර්ග 250 ක් පමණ දේශීයව නිපදවනු ලබයි. දේශීයව ඖෂධ නිපදවන ආයතන 13 ක් මෙරට ඇති අතර ඉන්ධන මිල, විදුලි ගාස්තු, රක්ෂණ ගාස්තු, අමුද්‍රව්‍ය මිල විශාල ලෙස ඉහළ යාම හේතුවෙන් පවතින මිල ගණන්වලට ඖෂධ නිපදවා වෙළෙඳපොළට නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි ද දේශීය ඖෂධ නිෂ්පාදන ආයතන කියා සිටිති.

ජනප්‍රිය පුවත්  බාල ගල් අඟුරු සමාගමට දඩ ගැහුවොත් සමාගම බංකොලොත් වෙයි! – ඇමති බිමල්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x