එල්නිනෝ ආවොත් 2027 යලේදී වී ටොන් දහසක් අඩුවිය හැකියි
1 min read
එල්නිනෝ සහ වියළි කාලගුණය හේතුවෙන් 2027 වසරේ යල කන්නයේදී මෙට්‍රික් ටොන් දහසක පමණ වී අස්වැන්නක් අඩුවනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනුමාන කර තිබේ.
මේ හේතුවෙන් මෙම වසරේ (2026) යල සහ මහ කන්නවල වී අස්වැන්න වැඩිකර ගැනීමේ අරමුණින් කෙටිකාලීන වී ප්‍රභේද වගා කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අවධානය යොමු කර ඇත. එමෙන්ම එළවළු වගා කිරීමේදී ද කෙටිකාලීන භෝග කෙරෙහි අවධානය යොමු කර තිබේ. තවද වැව් හා ජලාශවල පවතින ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් කිරීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.
මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් පොහොර මිල තවත් ඉහළ යා හැකි බැවින් අවශ්‍ය පොහොර තොග කඩිනමින් ඇණවුම් කරන ලෙස ලෝක ආහාර සංවිධානය මෙරටට දැනුම් දී තිබේ.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කරන මානුෂීය ප්‍රමුඛතා සැලැස්මේ සමාප්තිය සනිටුහන් කරන වැඩසටහනේදී ලෝක ආහාර සංවිධානයේ නියෝජිතයන් මේ බව දැනුම් දී ඇත.
තවද එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඉන්දියාව, පාකිස්තානය වැනි රටවල වියළි කාලගුණික තත්ත්වයන් ඇතිවුවහොත් එම රටවලින් ද සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය කිරීමේ ගැටලු මතුවිය හැකි බව මෙහිදී පෙන්වා දී තිබේ.
