July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානය සමග මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතිනවා – ට්‍රම්ප්

1 min read

ඉරානය සමග ඉතා මිත්‍රශීලී සාකච්ඡා සිදුවෙමින් පවතින බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

යුද්ධය අවසන් කිරීම සඳහා සුබවාදී අවස්ථාවක් පවතින බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් ඉරානය පවසන්නේ තමන් අමෙරිකාව සමග සෘජු සාකච්ඡා කිසිවක් සිදුකර නොමැති බවය.

අඛණ්ඩව තෙවන දිනටත් ඊයේ (27) දිනයේ දී ද ඉරානය සහ අමෙරිකාව අතර යුධ ගැටුම් සිදු නොවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පසුගිය සිකුරාදා ඉරානයට එරෙහිව එල්ල කරන ප්‍රහාර නතර කිරීමට තීරණය කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළ අතර ඉරානය ද මේ වන විට සිය ප්‍රහාර නතර කර තිබේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x