June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානයට එරෙහි ගොඩබිම් යුද මෙහෙයුමකට පෙන්ටගනය සූදානම් වෙයි!

1 min read

ඉරානයේ ගොඩබිම් යුද මෙහෙයුමක් සිදු කිරීමට පෙන්ටගනය සුදානම් වෙමින් සිටින බව ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත වාර්තා කර තිබේ.

එය සති කිහිපයක් පුරා ක්‍රියාත්මක වන දැවැන්ත මෙහෙයුමක් වනු ඇති බව එහි දැක්වෙයි.

මේ වනවිටත් යුද සැලැසුම් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය විසින් සකස් කර අවසන් බවට සඳහන්ය‍.

කෙසේවෙතත් මේ සඳහා අමෙරිකානු ජනාධිපතිවරයා සිය අනුමැතිය ලබා දෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ දක්වා ස්ථිරව ප්‍රකාශවී නොමැති බව අදාළ වාර්තාවේ දැක්වේ.

මැරීන් භටයින් 4,000ක් පමණ මැදිපෙරදිග කලාපය බලා ගොස් ඇති බවට ද මීට පෙර තොරතුරු වාර්තා විය.

82 වන ගුවන් හමුදාවේ පැරෂුට් භටයින් යුද මෙහෙයුම සඳහන් සූදානම්ව සිටින බවට වැඩිදුරටත් සඳහන්ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x