April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්ධන ඉවර වෙන්න හේතුව බාල ගල් අඟුරු! තෙල් මිල වැඩි කිරීමෙන් කෝටි 710ක ලාභයක්!

1 min read

රටේ ඉන්ධන පරිභෝජනය ඉහළ ගොස් ඇත්තේ බාල ගල් අඟුරු ආනයනය කිරීමේ අතුරුඵලයක් ලෙස බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ බාල ගල් අඟුරු භාවිතය නිසා බලාගාර නළ අවහිර වී විදුලිය උත්පාදනය කරගත නොහැකි වීම නිසා ඒවාට ඩීසල් ගැසීමට සිදුව ඇති බවත් අඩු වන විදුලි නිෂ්පාදනය සපුරා ගැනීම සඳහා ඩීසල් යොදා විදුලිය ජනනයට සිදුව ඇති බවත්ය.

ඉන්ධන මිල වැඩි කරන අවස්ථාවේ රටේ ඉන්ධන ලීටර් මිලියන 308ක් පැවති බවත් එමගින් පමණක් දුප්පත් ජනතාවගේ රු. කෝටි 710ක් අනුර දිසානායකගේ කැටේට ගොස් ඇති බවත් හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.

බාල ගල් අඟුරු ආනයනය නිසා නැව් 25ම ලැබුණත් ඔක්තෝබර් 25 වෙනිදා නොරෙච්චෝලේ වැසි යනු ඇත බවත් වර්තමාන තත්ත්වය අනුව නැව් 22ක් පැමිණියහොත් සැප්තැම්බර් 22ද නැතහොත් අගෝස්තු මස 27 වෙනිදා වන විටද බලාගාරය වැසී යනු ඇතැයිද එමගින් මෙරට ආර්ථිකයට සහ ජන ජීවිතයට දූෂිත ආණ්ඩුව මරු පහරක් එල්ල කර ඇතැයිද පාඨලී චම්පික රණවක අවධාරණය කරයි.

ජනප්‍රිය පුවත්  සුරේෂ් සලේ ජාතික රෝහලට!

ඔහු මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවක් අමතමිනි.

පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x