September 22, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉන්දීය අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි

1 min read

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර තිබේ.

“කොක්‍රෝච් ජනතා පක්ෂය” සහ ඉන්දීය මධ්‍යම රජය අතර පැවැත්වීමට නියමිතව තිබූ තෙවන වටයේ සාකච්ඡාවලට පැය කිහිපයකට පෙර ඔහු මෙම තීරණය ගෙන ඇත.

අමාත්‍යවරයා සිය නිල X (ට්විටර්) ගිණුම ඔස්සේ ද මේ බව ප්‍රසිද්ධියට පත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යවරයා මෙලෙස සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කරන්නේ මසකට ආසන්න කාලයක් පැවති එරට තරුණ විරෝධතාවලින් අනතුරුවය.

තරුණ ප්‍රජාව නියෝජනය කරන කැරපොත්තා ජනතා පක්ෂය සිය විරෝධතා ආරම්භ කිරීමේ ප්‍රධානතම සටන් පාඨයක් බවට අධ්‍යාපන අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉවත්වීම පත්ව තිබුණි.

නීට් වෛද්‍ය ප්‍රවේශ විභාගයේ සිදුවූ අක්‍රමිකතාවක් තරුණ විරෝධතා ආරම්භ වීමට හේතු වූ අතර, එහි ප්‍රධානතම චෝදනාව එල්ල වුණේ ධර්මේන්ද්‍ර ප්‍රධාන් අමාත්‍යවරයාටය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x