July 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇප හිමිවුණත් යළි බන්ධනාගාරයට ගිය චරිත් ගෙදර යයි

1 min read

ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් පසුගිය දා නැවත බන්ධනාගාර ගත කළ චරිත් අබේසිංහ අද (30) ඇප හිමි වීමෙන් අනතුරුව බන්ධනාගාරයෙන් පිටව ගොස් තිබේ.

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන හරක් කටා නමැත්තාගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීතිඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය 28 පෙරවරුවේ ඇප නියම කළේය.

රඛිත රාජපක්ෂ ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු ඇප කොන්දේසි සපුරාලීම හේතුවෙන් ඔවුන් බන්ධනාගාර භාරයෙන් මුදා හැරීමට නියෝග කෙරුණි.

එහෙත් සැකකාර චරිත් අබේසිංහ නමැත්තා ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් ඔහු යළි මෙලෙස බන්ධනාගාර භාරයට පත් කෙරිණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x