September 23, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. – වෛද්‍ය වසන්ත බණ්ඩාර

1 min read

වත්මන් රජය ක්‍රියාත්මක කරන විදේශීය සහ දේශපාලනික වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාව අනාගතයේදී ආසියාවේ ඊශ්‍රායලය සහ පලස්තීනය බවට පත්වීමේ බරපතල අවදානමක් මතුවෙමින් පවතින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

Lanka Voice යූටියුබ් නාළිකාව සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ඉන්දියාව ඇතුළු විදේශීය බලපෑම් හමුවේ ජනතාවගෙන් කරුණු වසන් කරමින් ගිවිසුම් අත්සන් කිරීම හරහා මෙරට ජාතික ආරක්ෂාව සහ භූමියේ ආර්ථික අයිතිය අභියෝගයට ලක්ව ඇති බවයි.

විශේෂයෙන්ම ඉන්දියාව සමඟ පසුගිය කාලයේ මෙන්ම මෑතකදීත් අත්සන් කරන ලද ගිවිසුම් පිළිබඳව මහජනතාවට හෝ පාර්ලිමේන්තුවට නිසි තොරතුරු හෙළිදරව් කර නොමැති බවත් එමගින් මෙරට පරමාධිපත්‍යයට බරපතල තර්ජනයක් එල්ල වන බවත් ඔහු අවධාරණය කළේය.

මෙම පාවාදීමේ වැඩපිළිවෙළේ අවසන් ප්‍රතිඵලය ලෙස උතුරු-නැගෙනහිර ප්‍රදේශ “ඊළම” හෙවත් ආසියාවේ ඊශ්‍රායලය ලෙස වෙන්වී, ඉතිරි කොටස “ගාසා තීරයක්” හෙවත් පලස්තීනය බවට පත්වීමේ අවදානමක් පවතින බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විශ්ලේෂණාත්මකව පෙන්වා දෙයි.

තවද, වසර ගණනාවක් පුරා මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ දහස් සංඛ්‍යාත රණවිරුවන්ගේ සහ ජනතාවගේ කැපකිරීම් නොතකමින් මෙවැනි තීරණ ගැනීම අතිශය කනගාටුදායක තත්ත්වයක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  බාල ගල්අඟුරු නිසා නොරොච්චෝලේ විදුලි ජනන ධාරිතාව පහත බැස ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවත් පවසයි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x