ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරමින් ඉන්නවා.. – දිලිත්ගෙන් චෝදනා
1 min read
ඉතිහාසයේ නොවී විරූ අන්දමින් වත්මන් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවත කරමින් සිටින බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.
මෙරට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යංජල් පාණ්ඩේ මහතා ඊයේ (05) පස්වරුවේ, සර්වජන බලයේ නායක දිලිත් ජයවීර මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් කොළඹ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී හමුවිය.
එම හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා මේ බව පැවසීය.
