September 26, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අස්වැසුම මුදල් වංචා කළ ප්‍රා.ලේ.කා.නිලධාරිනියන් දෙදෙනා රිමාන්ඩ්

1 min read

දිවයිනේ වැඩිම අස්වැසුම ප්‍රතිලාභීන් සිටින නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ රු.ලක්ෂ 30කට ආසන්න මුදලක් වංචා කළ බවට සැකපිට නිලධාරිනියන් දෙදෙනෙකු හැටන් පොලිස් කොට්ඨාශ විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණි.

හැටන් දිසා අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත්එස්.පාර්තිබන් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු එම සැකකාරිනියන් දෙදෙනා මෙම මස(04) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවේ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශය භාරව සිටි හැටන් දික්ඔය ප්‍රදේශයේ නිලධාරිනියක් සහ තවත් නිලධාරිනියකි.

සැකකාරිනියන් දෙදෙනා 2023,2024,2025 යන වසරවල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් එම නිලධාරිනියන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිණුමවලට බැරකර ඇති බවට සිදුකරන ලද මූලික විගණනයේදි අණාවරණය වූ බව පවසමින් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් හැටන් පොලිස් කොට්ටාශ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණිලි කර තිබුණි.

ඒ අනුව සැකකාරිනියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ ලබාගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

මේ අතර, නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ අස්වැසුම ප්‍රතිලාභීන් ඔවුන්ට හිමි අස්වැසුම දීමනාව නොලැබුණු බවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙතට නිර්ණාමිකව ලිපියක් ඉදිරිපත් වී තිබුණි.

ජනප්‍රිය පුවත්  රන් ආලේපිත ගිනිඅවිය සම්බන්ධයෙන් දුමින්ද යළි සැකකරුවෙකු කෙරේ

ඒ මත ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් ලේකම්වරිය සැකකාරිණියන් දෙදෙනා එම දිස්ත්‍රික්කයේම වෙනත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මාරුකර තිබුණි.

පසුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන අංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ විගණන අංශයේ නිලධාරින්ගෙන් සමන්විත 10 දෙනෙකුගේ කණ්ඩායමක් යොදා සිදු කරන ලද විගණන විමර්ශනයකදී මෙම මුදල් වංචාව සිදුව ඇති බවට අනාවරණය වී ඇත.

එම විගණන නිලධාරීන් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේම රැදී සිටිමින් තව දුරටත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරනු ඇති අතර, එම නිලධාරීන් විසින් මේ වන විට එම කාර්යාලය යටතේ වැඩ කරන සියලුම ග්‍රාම සේවා නිලධාරීන්ගේ සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අස්වැසුම අංශයේ තවත් නිලධාරීන් රැසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

මේ අතර, සැකකරුවන් විසින් ලබාදුන් ප්‍රකාශ අනුව මෙම මුදල් වංචාවට සම්බන්ධ එම කාර්යාලයේ තවත් නිලධාරින් තිදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම්වරිය විසින් මේ වන විට පියවර ගෙන ඇත.

තම ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ ගිනුම්වලට අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් බැරකර එම මුදල් පසුව සැකකාරිනියන් දෙදෙනා විසින් ලබා ගෙන ඇති බවටද තහවුරු වී ඇත.

ජනප්‍රිය පුවත්  මැගසින් බන්ධනාගාරයේ ගැටුමින් රෝහල් ගත කළ රැඳවියෙකු මරුට

අස්වැසුම මුදල් නොලැබුණූ බවට ප්‍රතිලාභීන් විසින් එම කාර්යාලයට ගොස් අදාළ නිලදාරීන්ගෙන් කරුණු විමසීමේදී ,මුදල් ලැබුණා නම් ගිණුමට බැර කරන බවත් නැවත කාර්යාලයට නොපැමිණෙන ලෙසත් එම ප්‍රතිලාභීන්ට තර්ජනය කර ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇත.

මේ අතර, නුවරඑළිය දිස්ත්‍රිකකයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් සහ සමෘද්ධිලාභීන්ගේ ප්‍රතිලාභවලට මෙවැනි වංචා සිදුව ඇත්ද යන්න පිළිබදව කඩිනමින් විගණනයක් සිදු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවිරආරච්චි මහතා කියා සිටියේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x