අවුරුදු 76ක්ම ලෝකෙන් ණයට අරන් කන්න දුන්නේ. දැන් අපි හම්බකරලා ජනතාවට කන්න දෙනවා – ඇමති TB
1 min read
ජාතික ජන බලවේගයට පෙර සිටි පාලකයින් ජනතාවට කන්න දුන්නේ ලෝකයෙන් ණයට රැගෙන බවත් ජාජබ ආණ්ඩුව මේ වනවිට මුදල් හම්බකර ඒ මුදලින් ජනතාවට කන්න දෙන බවත් නිවාස, ඉදිකිරීම් හා ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා පවසයි.
“අපි ලස්සන ජීවිතයක් මේ රටේ සෑම ජනකොටසකටම ලබාදෙන්න යන එකට ඒගොල්ලො විරුද්ධයි. ඒගොල්ලො අවුරුදු 76ක් මේ රට හදලා දුන්නේ නැහැ අපිට. අවුරුදු 76ක් ලෝකෙන් ණයට අරන් නෙ අපිට කන්න දුන්නෙ. දැන් අපි රටේ හම්බකරලා ජනතාවට කන්න දෙනවා, ජනතාවගේ ප්‍රශ්න විසඳනවා, මූලික ප්‍රශ්න විසඳන්න මුදල් වෙන්කරනවා. ඒ නිසා ඔබේ ප්‍රශ්න විසඳපු නැති හිටපු පාලකයෝ දැන් කලබල වෙලා ඉන්නේ”
ටී. බී. සරත් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ පොලොන්නරුව ප්‍රදේශයේ 115 දෙනෙකුට නිවාස ආධාර චෙක්පත් ප්‍රදානය කිරීම සඳහා පසුගියදා පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති උත්සවයක් අමතමිනි.
