June 13, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපි කටයුතු කරන්නේ දිගටම ආණ්ඩුවේ ඉන්නවා කියලා හිතාගෙන.. – ලාල් කාන්ත

1 min read

ජාතික ජන බලවේගය දිගටම බලයේ සිටීමේ අධිෂ්ඨානයක සිට කටයුතු කරන බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

“අපි අධිෂ්ඨානයක ඉන්නවා අපි දිගටම බලයේ ඉන්නවා කියලා. දැන් අපි ඇවිල්ලා මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කළා, ඇමතිවරුන්ට නිල නිවාස අහෝසි කළා, පාර්ලිමේන්තුවේ 125ට කාපු එක 2000 කළා. ඉස්සර රුපියල් 125ට දවසම කෙළිනවා. ඒකෙ නරකක් තියෙනවා ඉතින්, ඒක පේන්නෙ ඔය නිමල් සිරිපාල වගේ ඇමති කෙනෙක් දිහා බැලුවාම.

අපි එනකොට පොහොර සහනාධාරයක් තිබ්බා හෙක්ටයාර් දෙකකට රුපියල් 30000 යි. දැන් අපි දෙනවා 60000ක්. සමහරු තැන් තැන්වල කියනවා පොහොර මිල වැඩියි ලු. වැඩියි තමයි. මේ ලෝක තත්වයන් එක්ක ඒවා වැඩිවෙනවා. අර තිස්දාහ හැටදාහ කරපු එක පේන්නෙ නෑ. පේන්නෙ මොකක්ද ? මේ යුද්ධය අස්සෙ පොහොර මිල වැඩි වෙච්ච එක.”

ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයේ සේවක පිරිසකට නව පත්වීම් ලබාදීම වෙනුවෙන් පැවති උත්සවයක් අමතමිනි

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x