June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනාගතය ඉතාමත් අවිනිශ්චිතයි – මහ බැංකු අධිපති

1 min read

අනාගතය ඉතාමත් අවිනිශ්චිත බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

අධිපතිවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ පසුගිය බදාදා (13 වැනිදා) පැවැති මුදල් කාරක සභාවට එක් වෙමිනි.

මුදල් කාරක සභාවේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි රවුෆ් හකීම්, වර්තමානයේ පවතින යුදමය වාතාවරණයට අදාළව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කී අධිපතිවරයා පවතින තත්ත්වය මත ඉන්ධන පාරිභෝජනය අවම කිරීමේ අවශ්‍යතාව ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය සතියේ දී පෙන්වා දී තිබෙන බවත් අගමැතිවරයා ඒ බව පෙන්වා දී ඇත්තේ ඩොලර් බිලියන 700 ක සංචිතයක් තිබියදී බවත් සඳහන් කළේය.

ලෝකයේ පවතින අවිනිශ්චිත තත්ත්වය දිගටම පැවතුණහොත් රට තවත් අවදානම් තැනට පත් වන බව ද දැනට පවතින වාතාවරණය අනුව ඉදිරි මාස තුන සම්බන්ධයෙන් පුරෝකථන කිරීම අපහසු බවද කී අධිපතිවරයා සිදුවීම් ඉක්මනින් වෙනස් වෙමින් පැවතීම ඊට හේතුව බව ද කීවේය.

ඉන්දියාව දැනට ම රාජ්‍ය සේවකයන් නිවසේ සිට වැඩ කිරීමට යොමු කර තිබෙන බව කී කාරක සභාවේ වැඩ බලන සභාපතිවරයා මෙවැනි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය අවධානය යොමු කළ යුතුව ඇතැයි ද පැවැසීය.

ජනප්‍රිය පුවත්  මහ බැංකු අධිපතිගේ මාටියා ගැහිල්ල මෙන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x