අධිකරණයේ හමාර නොකළ කටයුතු අවසන් කිරීම සඳහා කිසියම් අගවිනිසුරුවරයෙකු දිගටම පදවියේ තබාගත යුතුය යන තර්කය පදනම් කරගනිමින් කටයුතු කිරීම අතිශය භයානක තත්ත්වයක් – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥ ආචාර්ය රොහාන් එදිරිසිංහ
1 min read
අධිකරණයේ හමාර නොකළ කටයුතු අවසන් කිරීම සඳහා කිසියම් අගවිනිසුරුවරයෙකු දිගටම පදවියේ තබාගත යුතුය යන තර්කය පදනම් කරගනිමින් කටයුතු කිරීම අතිශය භයානක තත්ත්වයක් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥ ආචාර්ය රොහාන් එදිරිසිංහ පවසයි.
මේ අන්දමටම ආණ්ඩුව විසින් ආරම්භ කරන ලද කටයුතු අවසන් කිරීම සඳහා පවතින ආණ්ඩුවම දිගටම බලයේ සිටිය යුතුය යන තර්කයක් හෙට දිනයේදී මතුවුවහොත් සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කළ ඔහු, පුද්ගල සාධක මත පදනම්ව ව්‍යවස්ථාපිත වෙනස්කම් සිදුකිරීමෙන් භයානක පූර්වාදර්ශයන් නිර්මාණය වන බව සඳහන් කළේය.
ආචාර්ය රොහාන් එදිරිසිංහ ඒ බව කියා සිටියේ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන ගේ ධුර කාලය දීර්ඝ කිරීමේ අරමුණ සහිතව විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිණිස ආණ්ඩුව ගෙන ඒමට සැරසෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස CPA විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් ජුලි 23 වෙනි දින සංවිධානය කර තිබූ රැස්වීමක් අමතා අදහස් දක්වමිනි.
- Saroj Pathirana
