June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණයේ මාරු කිරීම් අවුල් ඡාලයක් බවට පත් වේ! විනිසුරන් කැළඹේ!

1 min read

මේ වන විට, අළුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලෙස පත් කර ඇත්තේ බෝදරගම නැමැති විනිසුරුවරයා ය. ඔහු විනිසුරුවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අතින් සිටිනුයේ 58 වැනි ස්ථානයේ ය. අළුත්කඩේ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය වැනි වැදගත් ස්ථානයකට විනිසුරන් පත් කිරීමේදී පළපුරුදු, ජ්‍යෙෂ්ඨ විනිසුරන් පත් කිරීම මෙතෙක් සම්ප්‍රදාය වී තිබුණේ ඒ නිසාය. බෝදරගම විනිසුරුවරයා මීට පෙර (විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීමට පෙර) හර්ෂණ නානායක්කාර වත්මන් අධිකරණ ඇමතිවරයාගේ කණිෂ්ඨ නීතිඥයා වශයෙන් කටයුතු කර තිබේ.

මෙතෙක් අම්පාර මහෙස්ත්‍රාත්වරිය ලෙස කටයුතු කළ කණිෂ්ඨ විනිසුරුවරියක් වූ ශෂිකලා මහත්මිය, පසුගිය දා කොටුව මහෙස්ත්‍රාත්වරිය බවට පත් කෙරුණි. එහෙත් ආධුනික තමන්ට එම වගකීම බරපතළ බව පෙන්වා දුන් ඇය එය බාර ගැනීම ප්‍රතික්ෂේප කළාය. එයින් උරණ වූ අධිකරණ සේවා කොමිෂම සිදුකළේ, ඇයව අම්පාරට නොව වවුනියාව ට මාරු කර යැවීම ය.

වසන්ත සමරසිංහ අමාත්‍යවරයාගේ වංචනික වෘත්තීය සමිති දේපළක් පිළිබඳ නඩුව විභාග  කෙරූ ගල්කිස්ස මහෙස්ත්‍රාත්වරිය කැස්බෑවට මාරු කර යවා ඇත. ගල්කිස්සට යවා ඇත්තේ කොළඹ 3 අධිකරණයේ පසන් අමරසේකර මහතාව ය. පසන් අමරසේකර යනු, වත්මන් අල්ලස් හෝ දූෂණ කොමිසමේ සභාපති, හලාවත මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී තම පුතාව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කර ගැනීම සඳහා එවකට අමාත්‍ය මනූෂ නානායක්කාර ගේ ඊට අදාල ලිපිය රැගෙන අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන හමුවීමට යනු ලැබුවේ මෙම පසන් අමරසේකරය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් සහ පසන් අමරසේකර අතර ඇත්තේ දැඩි හිත මිත්‍රත්වයකි.

ජනප්‍රිය පුවත්  6 පොතේ බඩී වරද කඩදාසි ගෙනා මුදලාලිගේ… එන්න තියන තීන්දුව කලින්ම!

ඉදිරියේදී තවත් තීරණාත්මක උසාවි කීපයක් සඳහා ජ්‍යේෂ්ඨත්වය හෝ පළපුරැද්ද නොසලකා නව මහෙස්ත්‍රාත්වරුන් පත්කර, ආණ්ඩුවට අවශ්‍ය ”දඩයම” වේගවත් කිරීම සිදුකරනු ඇතැයි අපගේ ආරංචි මාර්ග පෙන්වා දේ.!

underground විශේෂ අධිකරණ වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x