June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අද පැය 10ක ජල කප්පාදුවක්

1 min read

කළුතර අවට ප්‍රදේශ කිහිපයකට සහ ගාල්ල මහ නගර සභා බලප්‍රදේශයේ ස්ථාන කිහිපයකට අද (10) දිනය තුළ ජල කප්පාදුවක් සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව කළුතර, වාද්දුව, මතුගම, බේරුවල, අළුත්ගම, පයාගල යන ප්‍රදේශ සඳහා හෙට උදෑසන 8.30 සිට පස්වරු 6.30 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ කෙත්හේන ජල පවිත්‍රාගාරය වෙත සැපයෙන විදුලි බලය අත්හිටුවීම හේතුවෙන් මෙම ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x