ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 වාර්ෂික සමුළුව අද කොළඹදී – ඉන්දියාවේ හිටපු අගවිනිසුරුගේ ප්‍රධානත්වයෙන්..!
1 min read
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 වාර්ෂික සමුළුව සහ බාර් කවුන්සිල් සාමාජිකයන් අතරින් විධායක සභාව සඳහා නීතිඥවරුන් තෝරා ගැනීමේ නිලවරණය අද දින “වෝටර්ස් එජ්” හෝටලයේදී පැවැත්වෙයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 52 සැසිවාරයේ ප්‍රධාන ආරාධිතයා නිදහස් ඉන්දියාවේ 52 වැනි අගවිනිසුරුවරයා වූ භූෂාන් ගවායි ය.
නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ ද, අභියාචනාධිකරණ සභාපති විනිසුරු ජනාධිපති නීතිඥ රොහාන්ත අබේසූරිය ද, සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න ද, නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ රජීව් අමරසූරිය ද සෙසු ආරාධිතයන් අතර වෙති.
එම සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ ඉන්දියාවේ හිටපු අගවිනිසුරුවරයා විසිනි.
